සූර්යයා අධ්‍යයනය කරන ඉන්දියාවේ පළමු අභ්‍යවකාශ යානය වන Aditya-L1 යානය සුර්යයා ආසන්නයට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව යානය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5ක් පමණ දුරින් එහි අවසාන ගමනාන්ත කක්ෂයට පිවිසීමට ආසන්න බව සඳහන්.
Aditya–L1 යානය පසුගිය වසරේ සැප්තැම්බර් 2 වනදා කක්ෂගත කර ඇති අතර මාස හතරක් සුර්යයා දෙසට ගමන් කර තිබුණා.
(colombotimes.lk)