දකුණු දිග බ්‍රසීලයට බලපෑ ප්‍රබල ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් 750කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර 250ක පමණ ප්‍රබල සුළඟක් හටගත් අතර බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි නිවාස සහ වාහන ඇතුළු දේපල රැසක් විනාශ වී ඇති අතර මෙම ආපදා තත්ත්වය හේතුවෙන් 1,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බවයි.
එමෙන්ම එරට තුළ මහජන ආපදා තත්ත්වයක් සහ දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
