ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට රක්ෂිත කලාපය තුළට පළවා හැරීම සඳහා වන ජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබෙනවා.
මෙම පෙත්සම විනිවිද පදනම විසින් ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)
