10 November 2025

logo

බස් රථ අනතුරෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරෙන් මේ වන විට පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

එමෙන්ම පුද්ගලයන් 40දෙනෙක් පමණ තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

අනතුරට ලක්වූ බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර තවමත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යමින් පවතින බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)