10 November 2025

logo

සිරියානු ජනපති සහ ට්‍රම්ප් අතර විශේෂ හමුවක්



සිරියානු ජනාධිපති අහමද් අල් ෂාරා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ ධවල මන්දිරයේදීයි. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිරියානු ජනාධිපතිවරයා මෙලෙස ඇමරිකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියානු ජනාධිපතිවරයෙක් ඇමරිකාවේ ධවල මන්දිරයට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන බවයි. 

සිරියාව සහ ඇමරිකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ සිරියාව සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් අවසන් කිරීමට මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)