01. පුද්ගලයන් 06කට මරණ දණ්ඩනය නියම වෙයි
අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයන් 6දෙනෙක්ට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
ඒ 2015 වසරේ අප්‍රෙල් 15වනදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන්.
අදාළ පුද්ගලයන් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙක්ට පහරදී ලොරි රථයට යට කර තිබෙනවා.
එම සිදුවීමට අදාළව ඔවුන්ට මෙසේ මරණ දණ්ඬනය නියම වී තිබෙන බවයි වාර්තා වන්නේ.
02. තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුම අත්හිටුවයි
කාම්බෝජ දේශ සීමාව ආසන්නයේ සිදු වූ බිම්බෝම්බ පිපිරීමකින් තායිලන්ත සොල්දාදුවන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් තායිලන්තය විසින් අසල්වැසි කාම්බෝජය සමඟ අත්සන් කළ 'සාම ගිවිසුම' අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
මෙම ගිවිසුම පසුගිය මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් කර තිබෙනවා.
03. උසස් පෙළ ඇගයීම් කටයුතු ගැන තීරණයක්
මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වූ අතර එය දෙසැම්බර් මස 05වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ අද දිනයේ උසස් පෙළ විභාගයේ වැඩකටයුතු කිසිදු බාධාවකින් තොරව අවසන් වූ බවයි.
04. තලාව බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළට
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයන් 40දෙනෙක් පමණ තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
තවමත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යමින් පවතින බවද පොලීසිය සඳහන් කළා.
05. BBC මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
BBC මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමඟ යැවූ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා මත මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
මීට අමතරව BBC මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඩෙබොරා ටර්නස් ද ඉල්ලා අස්වී තිබෙනවා.
(colombotimes.lk)