11 July 2025

logo

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්



එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන් ගමන අවලංගු කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ බවයි. 

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වන මෙම AI 159 ගුවන් යානය ගුවන් ගත කිරීමට පැය කිහිපයකට ගුවන් ගමන අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මේ හේතුවෙන් මගීන් 200කට වැඩි පිරිසක් පීඩාවට පත්වී තිබෙනවා. 

(colombotimes.lk)