03 July 2025

logo

එයාර් ඉන්දියා ගුවන් සේවය දැඩි තීරණයක



ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා 15%කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවයි. 

ඒ අනුව ජූලි මාසයේ මැද භාගය වන තෙක් එලෙස ජාත්‍යන්තර ගුවන් සේවා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් මෙහෙයුම්වල ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා. 

(colombotimes.lk)