22 June 2025


ගුරු හිඟයට විසඳුමක්



ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
 
ඇය කියා සිටියේ සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු අතර ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බළකායක් අවශ්‍ය බවයි.
 
කැබිනට් මණ්ඩල තීරණයක් අනුව පත්කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පර්වර්තනය සඳහා වන කාර්ය සාධන බළකායේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ජාතික සහ පළාත් පාසල්වල දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර තිබෙනවා. 


(colombotimes.lk)