අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා සවි කළ CCTV පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවට ජනතාව චෝදනා කරනවා.
ඔවුන් කියා සිටියේ මේ හේතුවෙන් නගරයේ ආරක්ෂාවට දැඩි බලපෑමක් වී ඇති බවයි.
වසරකට වැඩි කාලයක් මෙම කැමරා පද්ධතිය අක්‍රීය වී ඇති අතර ඒවා පිළිසකර කිරීමට පියවර ගන්නා බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා.
CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද මේ වන විට ඉන් කිසිවක් ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.
ඒ CCTV පද්ධතිය සවි කළ පෞද්ගලික ආයතනය සමඟ තිබූ සේවා ගිවිසුම 2024 අප්‍රේල් මාසයේදී අවසන් වීම හේතුවෙන්.
(colombotimes.lk)