අලුත්කඩේ උසාවිය අසල මේ වන විට ආරක්ෂාව දැඩි කර තිබෙනවා.
ඒ අලුත්කඩේ උසාවිය අසල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගනේමුල්ල සංජීව හට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති අතර වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විශේෂ මෙහෙයුමක්ද දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලද මේ වන විට අලුත්කඩේ උසාවියට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)