23 March 2025


ඇමරිකාව බිත්තර ආනයනයට සැරසෙයි



බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් දකුණු කොරියාවෙන් හා තුර්කියෙන් බිත්තර ආනයනයට මෙලෙස පියවර ගෙන ඇති බවයි.

වැඩිවන බිත්තර මිල පාලනය කිරීමට හා රට තුළ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඇමරිකා කෘෂිකර්ම ලේකම් බෲක් රෝලින්ස් පවසනවා.

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කුකුළු ගොවිපොළ තත්ත්වයන් ඉහළ නැංවීමට හා උපදේශන සේවා නොමිලේ ලබාදීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

වසර ගණනාවක් පුරා කුකුළන් අතර කුරුළු උණ පැතිර යාම මෙලෙස බිත්තර නිෂ්පාදනය පහළ වැටීමට බලපා තිබෙනවා.

(colombotimes.lk)