බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නායයාමෙන් දිවි ගලවා ගෙන ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවයි.
දින ගණනාවක් පුරා පැවති අධික වර්ෂාපතනයෙන් පසු අගෝස්තු මස 31වනදා මෙම නායයාම සිදු වී තිබෙනවා.
මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහාය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)