03 September 2025

logo

චීන විජයග්‍රාහී සැමරුම ඇරඹෙයි



චීන මහජන යුද ජයග්‍රහණයේ 80වන සැමරුම මේ වන විට බීජිං අගනුවරදී ආරම්භ වී තිබෙනවා. 

ඒ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙන්. 

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයේ ප්‍රධානතම හමුදා සැමරුමට සහභාගී වීම සඳහා ඊයේ (02) බීජිං වෙත පැමිණ තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ දියණියද චීනය වෙත දුම්රියෙන් පැමිණ ඇති බවයි. 

ලෝක පැසිට්වාදයට හා ජපාන ආක්‍රමණයට එරෙහි චීන යුද ජයග්‍රහණයේ 80වන සැමරුමට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයන් මෙලෙස පැමිණ තිබෙනවා. 

රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ද මෙම සැමරුමට එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

මීට අමතරව ඉරාන සහ කියුබානු නායකයන් ඇතුළු රාජ්‍ය නායකයන් 26දෙනෙක් මෙම සැමරුමට සහභාගී වීමට නියමිතව තිබෙනවා. 

මිනිත්තු 70ක කාලයක් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේදී චීනයේ අතිනවීන යුද උපකරණ, ගුවන්යානා ආදිය ප්‍රදර්ශනය කිරීමට ද නියමිතයි. 

(colombotimes.lk)