03 September 2025

logo

එජාප සංවත්සර සැමරුම කල් දමයි



එළඹෙන 06වනදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.
 
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගනිමින්. 

ඊයේ (02) කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ සඳහන් කළා. 

එජාප මහලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි. 

(colombotimes.lk)