21 February 2025


මෙරට ක්‍රීඩාවේ දියුණුවට ඇමරිකාවේ සහය



ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (18) පවත්වා තිබෙනවා.

ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදීයි.

එහිදී දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඇමරිකානු මධ්‍යස්ථාන හරහා මෙරට තරුණ තරුණියන්ට ඉංග්‍රීසි සහ වෘත්තීය පුහුණුව ආදිය ලබාදීමට අවශ්‍ය කඳවුරු පැවැත්වීම සඳහා අවශ්‍ය සහය දැක්විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

තානාපතිවරිය සඳහන් කළේ වත්මන් රජය මෙරට ක්‍රීඩාවේ දියුණුවට සහ තරුණ කටයුතු වර්ධනය වෙනුවෙන් කරන මැදිහත් වීම අගය කරන බවයි.

එමෙන්ම රටක් ලෙස ඒ සඳහා සිය සහයෝගය දක්වන බවද ඇය කියා සිටියා.

(colombotimes.lk)