22 November 2024


දියවැඩියා රෝගය ගැන භයානක හෙළිදරව්වක්



මෙරට නාගරික ජනතාවගෙන් 23%ක් දියවැඩියාවට ගොදුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ 30%ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් පෙලෙන බවයි.

මේ වන විට මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය14% දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය ප්‍රකාශ කළා.

වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ දියවැඩියාව හේතුවෙන් මෙරට තුළ සෑම පැයකට වරක්ම එක් අයෙකුගේ පාදයක් අහිමිවන බවයි.

(colombotimes.lk)