18 September 2025

logo

ගිලන් රථයක් අනතුරකට ලක්වෙයි



ගිලන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අද (18) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.  

ඒ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදීයි.  

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙක් රැගෙන ගිය ගිලන්රථයක් මෙසේ අනතුරට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලීසිය සඳහන් කළේ එහි සිටි රෝගීන් දෙදෙනා වෙනත් ගිලන් රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බවයි. 

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා නෝර්වුඩ් පොලිසීය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 




(colombotimes.lk)