18 September 2025

logo

හිටපු නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට



නිවසක අසල සඟවා තිබූ නවික් හමුදා නිල ඇඳුම් සහ පී කැප් පහක්, T56 උණ්ඩ 15ක් හිස් පතරොම් කොපු 20ක් තහනම් පිහි 02ක් සහ බෙල්ට් කිහිපයක් සමඟ හිටපු නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන පොළොන්නරුව විජයබා ප්‍රදේශයේ පදිංචි නාවික හමුදාවෙන් ඉවත්වූ පුද්ගලයෙක්.

(colombotimes.lk)