colombotimes.lk
සිංහල | English

05 May 2024

බිත්තරයක් රුපියල් 35ක මිලකට



උත්සව සමයේ වෙළෙඳපොල තුළ බිත්තර මිල පාලනය සඳහා ආනයනය කළ බිත්තර මිලියන 15ක් රැගත් නැවක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතයි.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල ඉහළ යාමේ වගකීම භාරගත යුත්තේ අතරමැදියන් විසින් බවයි.

පසුගිය සමයේ රුපියල් 37ක පමණ මිලකට පැවති දේශීය බිත්තර රුපියල් 65 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරියේදී බිත්තරයක් රුපියල් 35ක මිලකට සතොස හරහා පාරිභෝගිකයාට ලබා දීමට හැකියාව පවතින බවයි වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)