16 July 2025

logo

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්



ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් කිසිවෙක්ට සිදු වූ තදබල හානි වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසනවා. 
 
ඔහු සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කළේ ඉරාන - ඊශ්‍රායල් යුද්ධයේ 10වන දිනය වන අද (23) ඩ්‍රෝන ප්‍රහාර වාර්තා වුවද තදබල ප්‍රහාරයන් පිළිබද වාර්තා වී නොමැති බවයි. 
 
ඊශ්‍රායලයේ ජන ජීවිතය සාමන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර වෙළඳසැල් විවෘතව පවතින බවද ඔහු සඳහන් කළා. 
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජයේ අත්‍යාවශ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන අතර පාසල් සහ විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් අන්තර් ජාලය ඔස්සේ සිදු කරන බවයි.


(colombotimes.lk)