11 January 2026

logo

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්



දිවයින පුරා පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කළා.

ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පසුගිය ජනවාරි 01වනදා සිට ඊයේ (09) දක්වා ගතවූ දවස් 9 තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වූ බවයි.

ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

එම රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,317ක් ලෙසයි.

එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 361ක්, මධ්‍යම පළාතෙන් 192ක්, සබරගමුව පළාතෙන් 165ක්, නැගෙනහිර උතුරු සහ වයඹ පළාත්වලින් 4%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.