11 January 2026

logo

යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටී මාරක අනතුරක්



යතුරුපැදියක් ත්‍රීරෝද රථයක පසුපස ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් බුදුරුවගල ප්‍රදේශයේදීයි.

එම අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා වයස අවුරුදු 23ක් වන වෙහෙරයාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

වැල්ලවාය පොලීසිය සඳහන් කළේ අදාළ අනතුර සම්බධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

(colombotimes.lk)