11 January 2026

logo

මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ගැන CID විමර්ශන ඇරඹේ



මහජන ආරක්ෂක අමාත්‍යංශ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එය යථාවත් කර ගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඒ අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය 09වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින් ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(colombotimes.lk)