එංගලන්තයට බලපා තිබෙන හිම කුණාටු හේතුවෙන් එරට නිවාස 57,000ක පමණ විදුලිය බිඳ වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.
කෙසේවෙතත් කුණාටු තත්ත්වය හේතුවෙන් එම කටයුතු මන්දගාමී වී ඇති බව එරට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.
මේ හේතුවෙන් එරට පාසල්ද වසා දැමීමට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
