ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 11දෙනෙක් මියගොස් තිබෙන බවයි.
ගාසාහී සටන්කාමීන් විසින් සිදු කළ අසාර්ථක රොකට් ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම ප්‍රහාර අවතැන්වූවන් රඳවා සිටින කඳවුරක් සහ කූඩාරමක් ඉලක්ක කර සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
