ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ 05වන සහ 06වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (27) රැස් වූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍ය පහසුකමක් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
