colombotimes.lk
සිංහල | English

28 April 2024

තවත් Online ණය ජාවාරමක් පොලිස් දැලට හසුවෙයි - චීන ජාතිකයන් 05 දෙනෙකු ඒ අතර



දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය Online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්. 
 
මීට අමතරව එම ආයතනය සතුව තිබූ Desktop පරිගණක අටක්, Laptop වර්ගයේ පරිගණක 13ක්, ජංගම දුරකථන 49ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීමේදී මෙම ජාවාරම හෙළි කරගෙන තිබෙනවා. 
 
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පවත්වනු ලබන අතර මේ සම්බන්ධව පැමිණිලි තිබේ නම් ළඟම ඇති පොලිසි ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාශයට ලබා දෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.
(colombotimes.lk)