colombotimes.lk
සිංහල | English

02 May 2024

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත්



නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.  

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවයි.

තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බව සෞඛ්‍ය ලේකම්වරයා සදහන් කළා.

විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වන විට පැමිණෙමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ හේතුවෙන් හම්බන්තොට සහ ඇඹිලිපිටිය රෝහල්වල පසුගියදා විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීමෙන් රෝගින් අපහසුතාවට ලක් වී තිබෙනවා.
(colombotimes.lk)