13 February 2025


වාර්ෂිකව වාර්තා වන ළමා පිළිකා රෝගීන් ඉහළට



වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1200 දෙනෙක් පමණ මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ වසාග්‍රන්ථි පිළිකා, අස්ථි පිළිකා සහ මොළය ආශ්‍රිත පිළිකාවලට ඉන් බහුතරයක් ගොදුරුවන බවයි.

ඉන් ළමුන් 250දෙනෙක් පමණ වාර්ෂිකව මිය යන බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)