22 November 2024


තවත් සැප වාහනයක් කොට්ටාවෙන් හමුවෙයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට අයත් බවට සැකකෙරෙන තවත් සුඛෝපභෝගී ජීප් රථයක් නුගේගොඩ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ කොට්ටාව - ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදීයි.   

මෙම ජීප් රථය සොයා ගන්නා අවස්ථාවේදී එහි ලියාපදිංචි අංක තහඩුව තිබී නොමැති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොට්ටාව පොලීසියට භාර දී තිබෙනවා.

(colombotimes.lk)