colombotimes.lk
සිංහල | English

20 May 2024

කෘෂි සහ වාරි ව්‍යාපෘතියට තවත් ඩොලර් මිලියන 25ක්



සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සඳහා ඉදිරි වසරට තවත් ඩොලර් මිලියන 25ක් රජයේ මුදලින් ලබා දී ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, දුෂ්කර දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක කර ඇති කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන යාමට පියවර ගත යුතු යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය දුන් බවයි.

එමෙන්ම අදාළ දිස්ත්‍රික්කවල වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන්ම නව කෘෂි තාක්ෂණික උපකරණ ලබා දීම සඳහා අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)