2026 SA20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන එෂාන් මාලිංග සහ විෂේන් හැළඹගේ අලෙවි වී තිබෙනවා.
ඔවුන් දෙදෙනාම IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන්ගේ පාලනයේ යටතේ පවතින පාර්ල් රෝයල්ස් විසින් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග දකුණු අප්‍රිකානු රැන්ඩ් මිලියනයකට (රු.මි. 17.3කට) අලෙවි වී තිබෙනවා.
ඔහුට අමතරව යොවුන් ක්‍රීඩක 20 හැවිරිදි විෂේන් හැළඹගේ දකුණු අප්‍රිකානු රැන්ඩ් ලක්ෂ 2කට (රු.මි. 3.45කට) අලෙවි වී තිබෙනවා.
මෙම වෙන්දේසියට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන කුසල් ජනිත් පෙරේරා, මහීෂ් තීක්ෂණ වැනි ක්‍රීඩකයන් ඇතුළත්ව තිබුණද ඔවුන් අලෙවි නොවීම විශේෂත්වයක්.
(COLOMBOTIMES.LK)