24 February 2026

logo

කත්මණ්ඩු ගුවන්තොටුපොළ යළි විවෘත කරයි



නේපාලය තුළ උද්ගත වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් පැය 24ක කාලයක් පුරා වසාදමා තිබූ කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම සිවිල් ගුවන්ගමන් සඳහා නැවත විවෘත කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත හෙට (11) සිට කත්මණ්ඩු වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.


(colombotimes.lk)