උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයන් 07දෙනෙක් රැගත් හෙලිකොප්ටරයක් අද (15) කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම හෙලිකොප්ටරයේ ගමන් කළ පුද්ගලයන් 05දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම හෙලිකොපටර් යානය ඩෙහ්රාඩුන් සිට ගුවන් ගත වී තිබෙනවා.
අනතුරුව හිමාලයානු දේවාලය අසල ඉහළ උන්නතාංශ කලාපයක් වන ගෞරිකුන්ද් අසලදී ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා නැති වී ඇති බවයි වාර්තා වන්නේ.