කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවිත විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය හෙට (07) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු” මට්ටමක පවතින බව එමා නිවේදනයේ සඳහන් වනවා.
මේ අතර අද (06) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන පරිදි සබරගමුව, මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට සහ මුලතිව්, වව්නියාව, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පහතින්,
(colombotimes.lk)