17 April 2025


අධිකරණයෙන් ඇප ලැබූ වියාලේන්ද්‍රන් යළි රක්ෂිත බන්ධනාගාරයට



අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහුට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන්.

වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙක්ගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (08) දහවල් නියම කළා.

 
(colombotimes.lk)