01 July 2025

logo

රනිල් එන්නේ ෂේප් වෙන්න, මගේ තරම 21 පෙන්වන්නම් - අනුරගෙන් රතු එළි



වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් පැමිණෙන්නේ ෂේප්වීමට බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.  

ඔහු මේ බව කියා සිටියේ අද (08) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කෙතරම් මෙම බස් ප්‍රකාශ කළත් මහ බැංකු වංචාව පිළිබඳව, බාර් ලයිසන් ලබාදීම පිළිබඳව, ඉඩම් බෙදීම පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කිරීමට දරන උත්සාහය පිළිබඳව අනිවාර්යයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)