සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රාජ්‍ය මූල්‍ය කමිටුවේ අනුමැතිය ලැබී ඇති තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඊට අනුමැතිය ලැබී ඇති බවයි.
මෙමඟින් ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු අායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
(COLOMBOTIMES.LK)