කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිට ජීවිතයට සමුදුන් 'කණ්ඩලමේ හැඩකාරයා' නමින් හඳුන්වනු ලැබූ වනඅලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර තිබෙනවා.
මෙහිදී විශාල ප්‍රදේශවාසීන් පිරිසක් වන අලියාගේ මළ සිරුර දැක බලා ගැනීම සඳහා එහි පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
අනතුරුව රන්ගිරි දඹුලු වළගම්බා මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නිකපිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කොට ආගමික වතාවත් සිදුකර පාංශකූල කටයුතු සිදු කර තිබෙනවා.
මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා මියගිය 'කණ්ඩලමේ හැඩකාරයා'ට බෞද්ධාගමික කටයුතු අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීමද එහිදී සිදු කළා.
(colombotimes.lk)