18 September 2025

logo

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට අනුමැතිය



ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 1984 වසරේ සිට ක්‍රියාත්මක වුවද, එම ආයතනය මේ වන තෙක්ම පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර නොමැති බැවින් ආයතනයට පැවරී ඇති රාජකාරි, වගකීම් සහ සේවාවන් නිසි පරිදි ඉටුකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට නීතිමය තත්ත්වයක් ලබාදීම මෙම යෝජිත පනතින් අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ. 

නායයාම් සම්බන්ධයෙන් තම සංවිධානය විසින් නිකුත් කළ නිර්දේශ පළාත් පාලන ආයතන නිසි ලෙස පිළිනොපදින අවස්ථාවන්හීදී යෝජිත මෙම පනත් කෙටුම්පත සම්මත වූ විට ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන බවට නිලධාරීන් විසින් කාරක සභාව හමුවේ කරුණු දක්වා තිබෙනවා. 

(colombotimes.lk)