ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (17) කොළඹ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා.
ඒ මාලදිවයිනේ මාධ්‍ය නියාමන පනතට එරෙහිව සිදුවන විරෝධතාවලට සහය පළ කරමින්.
මාලදිවයිනේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමත්, එරට මාධ්‍යවේදින්ගේ වෘත්තීය අයිතිය හා නිදහස තහවුරු කිරීමත්, ඊට මර්දනය කැඳවන යෝජිත පනතට කලාපීය රටක පුරවැසියන් ලෙස සංකේතාත්මකව විරෝධතාව දැක්වීමට මෙය සංවිධානය කර තිබෙනවා.
විරෝධතාවයට එක් වූ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස කියා සිටියේ මෙම පනත් කෙටුම්පත මාලදිවයින ඇතුළු කලාපයේ මාධ්‍ය නිදහසට එල්ල වන බරපතළ තර්ජනයක් බවයි.
විරෝධතාව අතරතුර ඔවුන් මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාර දී තිබෙනවා.
ඔවුන් මාලදිවයින් රජයෙන් ඉල්ලා සිටින්නේ මාධ්‍ය ඇතුළු ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ලෙසයි.
මෙම පනත මාධ්‍යවේදීන්, විපක්ෂ නීති සම්පාදකයන් සහ ව්‍යවස්ථාදායකය පිටත මහජනතාවගේ විරෝධතා නොතකා පසුගියදා 16වනදා මාලේහී පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයකදී සම්මත වී තිබෙනවා.
එරට ජනපතිවරයා එම පනතට අත්සන් කිරීමෙන් අනතුරුව එය නීතියක් ලෙස බලාත්මක වනවා.
මාධ්‍යවේදීන් විරෝධතාවය අතරතුර සංදේශය භාරදෙමින් එරට ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එම පනතට අත්සන් නොතබන ලෙසයි.
(colombotimes.lk)