18 September 2025

logo

විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර වෙයි



සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් පවසනවා. 

අත්තනෝමතික ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පසුගිය 04වනදා ආරම්භ කළා. 

විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේ ඔවුන්ගේ වෘත්තීය සමිති වැඩවර්ජනයේ තවත් අදියරක් වන ලෙඩ නිවාඩු වාර්තා කිරීම අද (18) දෙවන දිනටත් ක්‍රියාත්මක බවයි. 

කෙසේවෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් තවදුරටත් නොසලකා හරින්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ සඳහන් කළා. 

(colombotimes.lk)