එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පෙනී සිටින බව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ජනාධිපති ෂී ජින් පිං හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එරට වේලාවෙන් පස්වරු 5.00ට චීන මහජන ශාලාවේදී දෙරටේ ජනාධිපතිවරුන් අතර හමුව සිදු වූ බවයි.
එහිදී දෙරටට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
එමෙන්ම දෙරට අතර ආර්ථික, සමාජීය සහ කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)