අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380 ඉක්මවා ගොස් තිබෙනවා.
අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ එය ඉතිහාසයේ අප්‍රේල් මාසයක වාර්තාවූ ඉහළම ආදායම බවයි.
එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර 2026 වසරේ මුල් මාස 04 තුළ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784ක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
