අපි ජීවත් වෙන්න Job කරනවා, ධනවත් වෙන්න Job කරනවා වගේම සමහර අය කම්මැලිකමටත් Job කරනවා. ඔය මොන දෙයකට Job කළත් සමහර වෙලාවට හිතෙනවා නේද කාලය ටිකක් වැඩි වුණා නම් කියලා. ඒ කියන්නේ පැය 24ට තව පැය 05ක්වත් එකතු වුණා නම් කියලා. එහෙම හිතෙන්නේ ඔයාට තියෙන වැඩ ප්‍රමාණය ගොඩක් වැඩි වුණාම. එතකොට ඔයා කොහොමද මේ හැමදෙයක්ම හරි විදිහට Settle කරගන්නේ කියලා හිතනවා. මෙහෙම කළොත් හරි යයි, එහෙම නැත්නම් අර විදිහට කළොත් හරි යයි කියලත් හිතනවා. හැබැයි හිතන කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ නම් නැහැ. ඒ නිසා අද අපි බලමු මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ මොකක්ද කියලා.
1. හරිම වෙලාව
එක එක අයට වැඩ කරන්න හිතෙන වෙලාවක් තියෙනවා. සමහරුන්ට උදේ පාන්දර නැගිට්ටාම ඔක්කොම වැඩ ටික කරලා දාන්න පුළුවන්. තවත් අයට රෑ නිදා මරාගෙන වැඩ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තමන්ට වැඩිම කාර්යක්ෂමතාවක් තියෙන වෙලාව හොයාගන්න ඕන. ඒ වෙලාවට ඔබට ඒ වෙලාවෙදි කරන්න පුළුවන් වැඩ ටික කොහොමහරි කරනවා කියලා හිතාගන්න. පාඩම් කරන කෙනෙක් නම් මේ ක්‍රමය ගොඩක්ම ගැලපෙනවා. තමන්ට නොගැලපෙන වෙලාවක නිදි කිර කිර පාඩම් කරන්නේ නැතුව විවිධ වෙලාවන්වලදි වැඩ කරලා තමන්ට ගැලපෙන වෙලාව හොයාගත්තාට පස්සේ ලේසියෙන්ම කරන්න තියෙන වැඩ ටික කරලා දාන්න පුළුවන්.
2. ලේසිම වැඩ මුලින්
වැඩ කරන්න පටන් ගත්තාට පස්සේ කොච්චර වැඩ ගොඩක් තිබුණත්, ඒවා හදිස්සි වුණත් එහෙන් මෙහෙන් කරන්න යන්න එපා. කරන්න පහසුම වැඩේ මුලින්ම කරන්න. එතකොට ඒක ඉක්මණට ඉවර කරලා දාන්න පුළුවන්. ඒක ඉවර වෙනවා කියන්නේ ඔබට කරන්න තියෙන වැඩ ගොන්නෙන් එකක් ඉවරයි. එතකොට හිතට නිදහසකුත්, උද්‍යෝගයකුත් ලැබේවි. අමාරුම වැඩෙන් පටන් ගත්තොත් වෙන්නේ ඒකෙම ඉඳලා අන්තිමට කිසිම වැඩක් කරපු නැති දවසක් බවට පත් කරගන්නටයි. විද්‍යාත්මකව බැලුවත්, එකින් එක අවසන් කරද්දී අපේ මොළය ඩෝපමීන් කියලා සතුට දනවන තෑග්ගක් නිදහස් කරනවා. එතකොට අපිට ඇතිවන සතුට, උද්‍යෝගය නිසා තව තවත් වැඩ කරන්න උනන්දුව ලැබෙනවා.
3. List එක්ක හදගන්න
වැඩ එකින් එක කරන්නට නම් ඒකට අපිට ඒවා පිළිවෙළකට ලියාගන්නට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. සේරම මතකයෙන් කරන්න පුළුවන් කියලා අපි හිතුවට එක නම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා හොඳම වැඩේ තමයි ලිස්ට් එකක් හදාගන්න එක. කොළයක හෝ ඇප් එකක මේ වගේ ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. මේක ලියද්දිත් පහසු ඒවා උඩින්, ටික ටික අමාරු ඒවා යටින් ලියන්න.
4. අදම ඉවර කරන්න
අපි හරි කැමතියි වැඩ කල්දාන්න. ඒකට හේතු ගොඩාක් අපිට තියෙනවා වැඩ නොකර ඉන්න. අන්තිමට වෙන්නේ වැඩ ගොඩ ගැහිලා අපිවම අමාරුවෙ වැටෙන එක විතරයි. ඒ නිසා ලියාගත්තු ටික අනිවාර්යයෙන්ම කරනවා, ඊට පස්සේ නිදහසේ ඉන්නවා කියලා අධිෂ්ඨානයක් සහ තමන්ටම තෑග්ගක් දෙනවා කියලා හිතාගන්න.
5. දවස අවසානය
දවස අවසන් වෙලා ඔෆිස් එකෙන් යන්න පිටත් වෙන්න කලින් හෝ ගෙදර ගිහින් නිදහසේ ඉන්න වෙලාවක අද මම උදේ ලියපු ලිස්ට් එකේ කොච්චර කොටසක් ඉවර කළාද කියලා කල්පනා කරන්න. මේක කල්පනා කරන්න නිදාගන්න ඇඳට ගියාට පස්සේ නම් එපා. ඒකෙන් වෙන්නේ නින්ද යන්න තියෙන විනාඩියත් අපතේ ගිහින් හෙට තවත් අමාරු වෙන එක විතරයි.
ඉතින් ඔබටත් දවසේ තියෙන වැඩ ටික කරගන්න වෙලාව මදි නම් අද Be Happy කිව්වා Tips ටික Try කරලා බලන්නකෝ.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)