01 July 2025

logo

ලුණු දිවයිනට පැමිණීම ප්‍රමාද වෙයි



ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බවයි.

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)