colombotimes.lk
සිංහල | English

17 September 2024


බස් රථයකට ප්‍රහාරයක් - පුද්ගලයින් 9ක් මරුට



ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේදී හින්දු බැතිමතුන් රැගත් බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරයෙන් පසු රියදුරුට රථය පාලනය කරගත නොහැකි වී ඇති අතර, බස්රථය ප්‍රපාතයකට වැටී ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, ප්‍රහාරකයන් සොයා ඉන්දීය හමුදාව සහ පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

(colombotimes.lk)