01 September 2025

logo

නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි



පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කළ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වන විට කැඳවා තිබෙනවා.
 
කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

නඩුකරය කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිට තිබෙනවා. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිට තිබෙන බවයි වාර්තා වන්නේ.

ආරාධනා පත්‍රයේ නිත්‍යානුකූලභාවය මෙතෙක් තහවුරු කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා. 

(colombotimes.lk)