04 March 2025


අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට සැලසුම්



අඩුආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කළා.

ඒ 10වන පාර්ලිමේන්තුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක්වෙමින්.

එහිදී නිලධාරීන් සඳහන් කළේ මිලියන 1.7කට ආසන්න පිරිසක් මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා බවයි.

ඒ අනුව ඉදිරි වසර 5ක කාලය තුළ ඉන් මිලියන 1.5ක් සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ අරමුණ බව ඔවුන් සඳහන් කළා.

නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ 2025 වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බවයි.

(colombotimes.lk)